සුපිරි වෙළඳසැල් මගින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් මිලදී ගත හැකි බවට පැතිර යන ප්‍රචාරයන් පදනම් විරහිත බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
එසේ අවසරයක් මෙතක් ලබා දී නොමැති බවයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසන්නේ.
අද (14) සිට ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගත හැකි බවට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි පලවන ප්‍රවෘත්තීන් ඔවුන් ප්‍රතික්ෂේප කර සිටිනවා.
කෙසේ වුවත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීමට ඇතැම් සුපිරි වෙළෙදසැල් විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් සිදුකරනු ලැබ ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කර සිටින්නේ.