ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ පුද්ගලයින්ගේ නම් 1300 කට අධික සංඛ්‍යාවක් ඇති ලැයිස්තුවක් අද (21) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය සභාගත කළා.
එල් .ටී.ටී එකට ප්‍රථම ළමා සොල්දදුවන් ජනතා විමුක්ති පෙරමුණ විසින් බිහිකල බව මෙහිදී ඇය විසින් පවසා සිටියා.
එහිදී කන්තලේ බෝනික්කි නම් වු අවුරුදු 13ක දරුවකු ලවා අවුරුදු 70 ක එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවක් ඝාතනය කළ බව පැවසු රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවේ කොමියුනිස්ට පක්ෂයේ නායක ජෝර්ජ් රත්නායක ද දරුවකු ලවා ඝාතනය කළ බවයි.
ගාල්ලේ බැංකු ධර්මේ එක්සත් ජාතික පාක්ෂිකයකු වු නිසා බිරිඳ ව ඝාතනය කළ බවත් ලග්ගල පල්ලේගම විදුහල්පති රංබණ්ඩේ මහතා ගේට්ටු කණුවක තබා ඝාතනය කළ බවත් ඇය මෙහිදී පැවසුවා.
එමෙන්ම තවදුරටත් කියා සිටියේ සාගරිකා ගෝමස් ඝාතනය ද සිදු කළ බව පැවසු කවිරත්න මහත්මිය මේවාට ඇඩනේනේ නැද්ද යන්න කතානායකවරයාගෙන් විමසා සිටියා.
අදාළ ලැයිස්තුව පහතින්,














