31 C
Colombo
Saturday, December 28, 2024

දේශීය නිමි ඇඳුම් මිල 50%කින් ඉහළට

- Advertisement -

ඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව හේතුවෙන් ඉදිරි අවුරුදු සමය වනවිට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය පවසනවා.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මේ වන විටත් රෙදි මිල 35% කින් වැඩිවී ඇති බවයි එම සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පෙන්වා දෙන්නේ.

විනිමය අනුපාතය නිරන්තරයෙන් වෙනස් වන තත්ත්වය යටතේ දේශීය සැපයුමේ නිරත ඇඟලුම් කම්හල්වලට ලාභ ලැබීම පිළිබඳ විශ්වාසයකින් නිෂ්පාදන කටයුතු කරන්නට නොහැකි වී ඇති බවත් දිනකට පැය 8 කට ආසන්න කාලයක් විදුලිය කැපීම නිසා කුඩා පරිමාණ ඇඟලුම් කම්හල් හිමියන්ට නිෂ්පාදනයකින් තොරව සේවක පඩි ගෙවීමට සිදු වී ඇති බවත් හෙතෙම සඳහන් කර සිටිනවා.

මෙම අර්බුදයේ වෙනසක් සිදු නොවුන හොත් අවුරුදු සමය වන විට ජනතාවට අතින් හෝ කොළ අතුවලින් විලි වසා ගන්නට සිදු වනු ඇති බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

POPULAR ARTICLES

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දැඩි අවධානයකට...

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ...