30 C
Colombo
Sunday, January 5, 2025

ලොහාන් ඉල්ලා අස්වුණාට රාජ්‍ය ඇමති ධූරය අහිමි වී නැහැ..!

- Advertisement -

තමන් විසින් වැලිකඩ බන්ධනාගාරයේදී බීමතින් කලහකාරීව හැසිරුණු බවටත් අනුරාධපුර බන්ධනාගාරයේදී සිරකරුවන්ට ගිනි අවි පෙන්වා යම් කිසි හිංසනයක් සිදු කළ බවටත් වන චෝදනා භාරගනිමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කර සිටියා.

කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉල්ලා අස්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වෙන්නේ ඔහු තමන් හෙබවූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව පමණයි.

ඒ අනුව, ඔහු හෙබවූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස තවදුරටත් කටයුතු කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස බීමතින් කලහකාරීව හැසිරුණු පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම ඔහු මෙලෙස හැසිරී ඇති බවට චෝදනා රාශියක් තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ...

සිසුවියක් බියගන්වා අසභ්‍ය වීඩියෝ යැවූ හමුදා සෙබළෙක් මාට්ටු

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව...

දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව...

POPULAR ARTICLES

ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ...

සිසුවියක් බියගන්වා අසභ්‍ය වීඩියෝ යැවූ හමුදා සෙබළෙක් මාට්ටු

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව...

ඔස්ට්‍රේලියාවත් ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට

2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අද (05) හැකිවුණා. ඒ, දකුණු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව...