බොරතෙල් නැව් තොග තුනක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමක් වෙත ලබා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව M/s vitol asia pre.Ltd සමාගම වෙත ලබා දී තිබෙන බවට වාර්තා වනවා.
2024-1-15 දින සිට 2024-6-14 දක්වා කාලයේ බොරතෙල් මිලදී ගැනීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දි තිබෙනවා.
එම කාලයේ බොරතෙල් නැව් තොග තුනක් 109%ක් ගබඩාගත ටැංකි වලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු දෙකක් ලැබී තිබෙන බවයි සඳහන් වන්නේ.
එම ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත අදාල සිංගප්පූරු සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබෙනවා.