29 C
Colombo
Friday, March 14, 2025

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

- Advertisement -

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

මේ වන විට හතු පිපෙනවා සේ හැදෙන සන්ධාන වලින් වැඩක් නැති බව පැවසු කරුණානායක මහතා ඇතැම් සන්ධාන බිඳ වැටෙමින් තිබෙන බව සඳහන් කරනවා.

එළඹෙන මැයි දින සැමරුම හරහා එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමට සූදානම් බව පැවසු කරුණානායක මහතා පක්ෂය හැරගිය පිරිසගෙන් 90%ක් පමණ නැවත පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළා.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කර සිටියා.

හැමදාමත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව බලයේ සිටි අවස්ථාවේ රට සංවර්ධනය වූ බවත් ජාතික පක්ෂය දුර්වල වූ අවස්ථාවේ රට බංකොලොත් වූ බවත් රවී කරුණානායක මහතා පවසනවා.

වැඩ කරන,රට හදන සන්ධානයක් නිර්මාණය කරමින් සිටින බව පැවසු කරුණානායක මහතා රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න නොහැකි පාර්ශව සමඟ සන්ධාන හදා තේරුමක් නැති බව සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළා.

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...

වවුචර්පත් ලබාදීම ගැන නිවේදනයක්

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළා.

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...

මූතූර්හි ද්විත්ව ඝාතනයට මිණිබිරිය අත්අඩංගුවට

මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට...