ලක්ෂ අනූවක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනා ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සලෝචන ගමගේ මහතා සහ තවත් ව්‍යාපාරිකයෙක් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර කර තිබුණා.
පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ටොරිංටන් ඇවෙනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගැනීමෙන් අනතුරුව, එම ඉඩමකට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.