මහමෙව්නා අසපුව විසින් සේරුවාවිල චෛත්‍ය නැහැවීමේ වැටසටහනක් ඊයේ (09) දිනයේ සංවිධානය කර තිබුණා.
සේරුවිල නිකිණි මංගල්‍යය වෙනුවෙන් සේරුවිල මංගල මහා සෑ රජුන් දෝවණය කිරීමේ පුණ්‍ය මංගල්‍යය ලෙස නම්කර තිබූ මෙම වැඩසටහනට භික්ෂූන්වහන්සේලා විශාල පිරිසක් හා ගිහි පිරිසක්ද සහභාගීවී සිටියා.
ත්‍රිකුණාමලය නගර සභාවට අයත් ගිනි නිවීමේ රථයක් ගෙන්වා එහි ජලය භාවිතා කරමින් මෙම භික්ෂූන්වහන්සේලා සේරුවාවිල චෛත්‍යට අධි පීඩක ජලය විදිනු දක්නට ලැබුණා.
මෙම අවස්ථාවට සහභාගීවූ පිරිස් කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමනය කරනු දක්නට නොලැබුණු අතර ඇතැම් භික්ෂූන්වහන්සේලා මුව ආවරණයක් හෝ පැළද සිටියේ නැහැ.
මීටරයේ පරතරය වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසිසේත් දක්නට නෙැලැබුණු අතර චෛත්‍ය තෙමාගෙන වැටෙන ජලය පාත්‍රවලට එක්කරන ආකාරයක්ද දක්නට ලැබුණා.