මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබඳව විමර්ශණය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී මහත්මියගේ සභාපතිත්වයෙන් අධිකරණ අමාත්‍ය නිතීඥ අලි සබ්රි මහතා අදාල කමිටුව පත් ඇත. අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීතී උපදේශක ජනාධීපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ( පාලන ) රෝහණ හපුගස්වත්ත මහතා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ මහතා පත් කර ඇත.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතාව අදාල කමිටුවේ ලෙස කටයුතු කරනු ලැබේ.
අදාල කමිටුව විසින් සතියක් ඇතුළත අතුරු වාර්තාවක්ද, මාසයක් ඇතුළත කෙටිකාලීන හා දීර්ඝ කාලීනව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් මෙම කමිටුව මගි්න් ඉදිරිපත් කළ යුතු අධිකරණ අමාත්‍යවරයා කමිටුවට දන්වා ඇත.