32 C
Colombo
Thursday, January 9, 2025

මහර ගැටුම ගැන හොයන්න කමිටු 4ක්

- Advertisement -

මහර බන්ධනාගාරය තුළ ඇති වු ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු 4ක් පත් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.

දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්‍ෂණයක් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පත්කළ බන්ධනාගාර කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව, බන්ධනාගාර කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්කළ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව, අධිකරණ ඇමතිවරයා පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව හා ඊට පරිබාහිරව ස්වාධීන පරීක්‍ෂණයක් කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පත් කළ කමිටුව මෙම කමිටු හතර වන බව ගම්මන්පිල මහතා පැවසීය.

බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමට හේතු මොනවාද, ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ආදිය එම කමිටු මගින් සොයාබැලෙන බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

RECENT ARTICLES - SINHALA

කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව...

මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

0
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා...

නව විනිසුරුවරුන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවැරදි කිරීමක්

මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය විසින් "මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති" යනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය *‘අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති’ ලෙස...

POPULAR ARTICLES