මහරගම නගාරධිපතිවරයාගේ පියා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.
ඒ, හෝමගම, ගලවිලත්ත ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ සිද්ධියකට අදාළවයි.
ප්‍රධාන විදුලි පද්ධතියෙන් අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇති බවට ලද තොරතුරක් මත විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් පොලීසිය ද සමග පැමිණ ඊයේ (23) පස්වරුවේ එම නිවස පරීක්ෂා කර තිබිණ.
මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් ප්‍රියන්ත මහතා මෙහිදී පොලීසියට හා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, එම කටයුතු සිදු කළේ , සිය වරප්‍රසාද යටතේ බවයි.
කෙසේ නමුත්, මෙය සම්පූර්ණයෙන් දේශපාලන පළිගැනීමක් බවයි ඔහු කියා සිටින්නේ.