27.8 C
Colombo
Monday, December 2, 2024

මහවිරු සැමරුම් ප්‍රචාරය කිරීමේ සිද්ධිය: එක් අයෙකුට ඇප

- Advertisement -

මහවිරු සැමරුම් උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) ඇප ලබාදී තිබෙනවා.

මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත් අඩංගුවට ගනු ලැබුවේ මරදාන, චුන්නාකම්, බොරලැස්ගමුව සහ බද්දේගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 28, 35, 50 හා 45 වයස්වල පසුවන සැකකරුවන් පිරිසක්.

ඒ අතරින්, මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි කැළුම් හර්ෂණ නැමැත්තා අද (02) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර ඔහු අද ඇප මත මුදා හැරුණා.

දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මඟින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම යන චෝදනාවන් සැකකරුවන්ට එල්ල වී තිබුණා. 

මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතරින්, යාපනය ප්‍රදේශයේදී පසුගිය 29වැනිදා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ ධජය සහිත ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට සැකපිටයි.

පොලීසිය සඳහන් කළේ බද්දේගම සහ මරදාන ප්‍රදේශවලදී අත්අඩංගුවට පත් දෙදෙනා සමාජ මාධ්‍ය ඔස්සේ පැරණි LTTE සැමරුම්වලට අදාළ දර්ශන නූතන සිදුවීම් සේ ප්‍රචාරය කර තිබු බවයි.

එමෙන්ම, අත්අඩංගුවට ගත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ LTTE ධජය සහ නිල ඇඳුම් සහිත පැරණි ඡායාරූප වර්තමානයේ සිදුවූ සිදුවීමක් සේ හඟවමින් ප්‍රචාරය කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළා

RECENT ARTICLES - SINHALA

නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන තීරණයක්

මාලඹේ  නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත්ව පවරා ගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් එය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය පැවසුවේ,...

මහාධිකරණ විනිසුරු මඩුල්ලට අලුත් නිලධාරීන්

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2025 වර්ෂය සඳහා නව නිලධාරී මඩුල්ලක් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගෙන තිබෙනවා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ...

POPULAR ARTICLES