ඉන්දීය ජාතික ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරය භාරගන්නා ලෙස එරට ක්රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීම ශ්රී ලංකා ක්රිකට් හිටපු නායක මහේල ජයවර්ධන විසින් ප්රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.
දැනට ඉන්දීය පුහුණුකරු ධුරය දරන රවී ශාස්ත්රිගේ කොන්ත්රාත් කාලය එළඹෙන T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අවසන් වීමට නියමිතයි.
ඒ අනුව කණ්ඩායමේ නව පුහුණුකරු ධූරය සම්බන්ධයෙන් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලේ අවධානය මේ වනවිට යොමුව තිබෙනවා.
ඉන්දියන් එක්ස්ප්රස් පුවත්පත වාර්තා කර තිබුණේ ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය පමණක් භාර ගැනීමට කැමැත්තෙන් සිටින බව පවසමින් මහේල ජයවර්ධන ඉන්දියානු ක්රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම ප්රතික්ෂේප කළ බවයි.
මහේල ජයවර්ධන මේ වන විට IPL තරගාවලියට එක්ව සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර තරඟාවලි ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සිටි සාර්ථකම පුහුණුකරුවා ලෙස ඔහු සැලකෙනවා.
2017 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගන්නා මහේල ජයවර්ධන ඉන්පසු පැවැති තරඟාවලි තරගාවලි තුනකදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරයින් දක්වා රැගෙන ආවා.
මහේල ජයවර්ධන එළෙඹන 19න් පහළ ලෝක කුසාලාන ක්රිකට් තරගාවලියට එක්වන ශ්රී ලංකා. කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කරනවා.