30 C
Colombo
Friday, October 25, 2024

මහින්ද වැලිකඩ ගිහින්

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (25) වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා (23) නියෝග කළා.

කොළඹ හිල්ටන් හෝටලේ රථ ගාලේ තිබී මෙරට එකලස් කරන ලද බව කියන BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනුණා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගියදා (23) ජොන්ස්ටන් ප්‍රනාන්දු,   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

වසර 12කට පසු ජන හා නිවාස සංගණනයක් – නොබියව තොරතුරු දෙන්න

2024 දෙසැම්බර් 19 දින “සංගණන දිනය” ලෙස නම් කර ඇති බවත් ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස්...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයට දින නියම කෙරේ

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා. තමන් වහන්සේට නියම වී...

දුම්රිය සේවකයින්ට ආණ්ඩුවෙන් දිරී දීමක්

දුම්රිය සේවකයින්ට දිරි දීමක් ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දුම්රිය සේවකයින් හට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස්...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...