ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරනවා.
එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකළ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ තමා බවත් ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළ බවත් හිටපු ජනාධිපතිවරයා එම නිවේදනය මඟින් පෙන්වා දෙනවා.
එම නිවේදනය පහතින්,

