ඉදිරියේදී නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් බිහිකිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ, පෙරේදා (24) මහනුවර ප්රදේශයේ පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ,
“තව අවුරුදු දෙකහමාරක් තියෙනවා මැතිවරණයක් සඳහා යන්න. ජනාධිපතිවරණයට, පාර්ලිමේන්තු මැතිවරණයකට. පළාත් පාලන මැතිවරණය තියෙන්නෙ මාර්තු මාසේ, තව කල් තියෙනවා පළාත් පාලන මැතිවරණයට. අපි විශ්වාස කරනවා දෙසැම්බර් මාසෙ වෙනකොට මේ තියෙන අර්බුදය සෑහෙන දුරට අපට මඟහරවා ගන්න පුළුවන් වෙයි කියලා. නැවතත් මේ රට යථාවත් කරලා ඉදිරියට පක්ෂය අරගෙන ගිහිල්ලා නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රජයක් බිහිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා”