අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මැතිණිය යෝගා ව්‍යායාම තම ජීවිතයේ කොටසක් කරගෙන ඇති ආකාරය මිලියන ගණනක යෝගා ලෝලීන් තවදුරටත් උද්යෝගිමත් කරනු ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.
එම දෙපළ යෝගා ව්‍යායාම වල නිරත වන අයුරු දැක්වෙන ඡායාරූපයක්ද සමගින් පල කළ මෙම සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම ප්‍රබෝධමත් දර්ශනයට ඔවුන්ගේ හෘදයාංගම ස්තූතිය සහ ගෞරවය පුද කර සිටින බවයි.