හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ චීන තානාපති කාර්යාලයට අද (02) පැමිණ තිබෙනවා.
ඒ චීනයේ හිටපු ජනාධිපති ජියෑං සෙමින් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පලකිරීමටයි.
ජියෑං සෙමින් මහතා වසර 96 ක් ආයු වළදා පසුගිය නොවැම්බර් 30 වනදා අභාවප්‍රාප්ත වූවා.
ඔහු 1989 සිට 2004 දක්වා මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසත් 1989 සිට 2002 දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළා.
එමෙන්ම 1993 වසරේ සිට සිට 2003 දක්වා ජියෑං සෙමින් මහතා චීනයේ ජනාධිපති ධුරයද දරනු ලැබූවා.