24 C
Colombo
Saturday, November 9, 2024

මහින්ද දිගටම අගමැති..! – ආණ්ඩුවෙන් තීරණයක්

- Advertisement -

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනඑආ

ඒ සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තු  සන්කීර්ණයේ ඊයේ(21) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සම්මත වී ඇති බවයි වාර්තා වන්නේ .

මේ  අවස්ථාවේ ආණ්ඩුවේ සියලු දෙනා එකට සිටිමින්, අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවත් එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.

කවුරුන් ස්වාධීන වූවත්, මිනිසුන්ගෙන් ගුටි කෑමට සිදු වුවහොත් එසේ ගුටි කෑමට සිදු වන්නේ එකටම බවත්, එබැවින් සියලු දෙනාම,මත ගැටුම්  පසෙක තබා එක්ව කටයුතු කළ යුතු බවත, එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති බවත් පැවසේ.

මතුව ඇති අර්බුදවලට එක්ව මුහුණ දිය නොහැකි නම්, විපක්ෂයට යාම වඩාත් සුදුසු බව ද මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පෙන්වා දි ඇත .

ගෑස් , විදුලිය සහ ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවත්,එම ගැටලු නොවිසදා  විරෝධතා නතර කළ නොහැකි බවත්, ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර,ඇමතිධුරවලින් ඉවත්ව ,වෙනත්  පිරිසකට අවස්ථාව  ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන්ට ස්තුතිය පළ කිරමේ යෝජනාවක් ද   එම රැස්වීමේ දී අනුමත වී ඇත.


RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES