31 C
Colombo
Saturday, November 16, 2024

මහින්දානන්ද දේශපාලනයෙන් සමු අරන්

- Advertisement -

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව අද (16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවා.

ඔහු එහිදී සදහන් කළේ, දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනිමට තිරණය කල බවයි.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කල බවත්, ජන්ද දායකයන් මනාප 20,401 ක් පමණක් ලබා දි තිබු බවත් ඔහු කියා සිටියා.

ඒ අනුව, මිට ප්‍රථම පැවති මැතිවරණවලදි ලක්ෂ දෙකකට ආසන්න මානප ප්‍රමාණයක් ලබාගත් නිසා ජනතාවට තමන්ගේ දේශපාලනය අවශ්‍ය නොවන බවට පෙන්නුම් කර ඇති නිසා දේශපාලනයෙන් සමුගන්නා බවයි ඔහු කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, දේශපාලන ගමනේදි විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මගින් තමන්ට දිගින් දිගට මඩ ප්‍රහාර එල්ල කලද, ඒවා ඉවසා දරා ගනිමින් තමන් දේශපාලනයේ රැදි සිටියේ තම ආසනයේ ජන්ද දායකයින් වෙනුවෙන් බවයි.

RECENT ARTICLES - SINHALA

මම ලේසියෙන් දේශපාලනෙන් සමුගන්නෙ නැහැ – මහින්ද

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය හොද බවත් ඔවුනට රටේ පාලනය කරගෙන යාමට හැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රටේ ජනතාව ලබා දුන් ජනතා මතයට ගරු...

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

දුම්රිය හරස් මාර්ග හරහා රිය ධාවනය කිරීමේදී අනතුරු වළක්වා ගැනීම සදහා සැලිකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ කියා...

අහුංගල්ලේදී රුසියානු කාන්තාවක් දූෂණය කළ අයෙක් සොයා මෙහෙයුම්

අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් තුළදී රුසියානු ජාතික කාන්තාවක් දූෂණය කර ඇතැයි පොලීසිය පවසනවා. ඒ අනුව, සැකකරුව අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මකයි. අහුන්ගල්ලේ පිහිටි ප්‍රසිද්ධ...

POPULAR ARTICLES