29 C
Colombo
Thursday, November 7, 2024

මහින්දානන්දගේ චණ්ඩි දේශපාලනය ඉවරයි – හරිනි

- Advertisement -

කසළ ගොඩක් වී ඇති පාර්ලිමේන්තුව මහ මැතිවරණයේදී පවිත්‍ර කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ගම්පොළ – කුරුදුවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීයි.

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන හමුවක් ගම්පොළ – කුරුඳුවත්ත ප්‍රදේශයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ,

“මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී එක එක කතා කිය කිය ගියා. පුලුවන් නම් 200ක් එකතු කරලා පෙන්නන්න නාවලපිටියෙන් කියලා. කොහොමද අද? නාවලපිටියෙන් 200ක් එකතු කලා නෙවෙයි නාවලපිටිය අපි දින්නා. එයා දැනගන්න ඕනේ මේ පැත්ත බය කරගෙන මිනිස්සුන්ට තග් පාට් දාගෙන, චන්ඩි පාට් දාගෙන කරපු දේශපාලන සංස්තිය දැන් ඉවරයි. නොවැම්බර් 14 වෙනිදා අපි දියවන්නාව සුද්ද කරනවා.”

RECENT ARTICLES - SINHALA

මොන ආණ්ඩුව ආවත් දුමින්ද ඉස්පිරිතාලේ – හිරුණිකා

0
වත්මන් ආණ්ඩුව යටතේද මරණ දඩුවම හිමිව සිටින දුමින්ද සිල්වා නැමැත්තා දීර්ඝ කාලීනව රෝහල් ගතව සිටින බව සමගි ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර...

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නැහැ

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට කිසිදු උවමනාවක් රජයට නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පවසනවා. මුස්ලිම් විවාහ නීතිය හෝ කිසිදු ආගමික නීතියක්...

අපිට ඕන වෙලාවට සල්ලි අච්චු ගහනවා – සමන්ත විද්‍යාරත්න (වීඩියෝ)

ජාතික ජනබලවේගය ආණ්ඩුවට අවශ්‍ය මොහොතේදී මුදල් අච්චු ගසන බවත් ණය ගන්නා බවත් මෙවර මහමැතිවරණයේ ජාතික ජනබලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ල...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...