මහින්ද රාජපක්ෂට සහය දැක්වීමට පිරිසක් රැගෙන අරලියගහ මන්දිරයට ප්‍රවාහනය කළ බස් රථයකට පංචිකාවත්තේදී කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා.
ගින්නෙන් බස් රථය මුළුමනින්ම විනාශවී ඇති අතර එහි රියදුරුටද පහරදී ඇති බවටයි වාර්තා වන්නේ.
මීට අමතරව අරලියගහ මන්දිරයට මහින්ද පාක්ෂිකයන් ප්‍රවාහනය කළ බස් රථ රැසකට ස්ථාන කිහිපයකදී පහරදී අලාභහානී සිදුකර තිබෙනවා.
මේ වන තෙක් සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර රට පුරා පැවැත්වුණද මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකයන් හා මැරයන් අද (09) දිනයේ සිදුකළ මිලේච්ඡ පහරදීමෙන් අනතුරුව රටපුරා ජනතාව ප්රකෝපවී කටයුතු කරන ආකාරය දක්නට ලැබෙනවා.