30 C
Colombo
Wednesday, December 18, 2024

මහියංගන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරු ගැටී 12 ක් රෝහලේ

- Advertisement -

මහියංගන ප්‍රා‍දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, තවත් පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාර කරුවන් පිරිසක් මහියංගණ පොලිසිය ඉදිරිපිටදී අද (12)  ඇති කරගත් ගැටුමකින් 12 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුළු  කර ඇතැයි පොලීසිය කියයි.
.
මහියංගණ ප්‍රාදේශිය සභාවේ 2021 වර්ෂය සදහා දෙවන අය වැය ලේඛනයද පරාජය වීමත් සමඟ ප්‍රාදේශිය සභාභූමියෙන් පිටතදී පසුගියදා  08 වෙනිදා ඇති වු උණුසුම් අවස්ථාවේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ නිශ්ශන්ක වර්ණසුරිය මන්ත්‍රීවරයා හා මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම  ගජනායක මහතා අතර  උණුසුම් කථාබහක් ඇතිව පොලිසිය මැදිහත්ව ගැටුමක් දක්වා යෑම  වළක්වා තිබේ.
 
ඉන්පසු මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම මහතා විසින් ප්‍රාදේශිය සභා මන්ත්‍රී වර්ණසුරිය මහතා තමන් හට තර්ජනය කල බවට පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොණුකරනු ලැබු අතර, පැමිණිල්ල විභාග කිරිම සඳහා අද (12) සවස දෙපාර්ශවය මහියංගණ පොලිසිය වෙත කැදවා තිබිණ.
 
පැමිණිල්ල විභාග කිරිමෙන් පසු දෙපාර්ශවය  පොලිසිය ඉදිරියේ සමතයතට පත්ව ඇති අතර පොලිස්ථානයෙන් බැහැරට යමින් සිටියදී යලි ඇතිවු කථාබවහක් දුරදිග ගොස් පොලිස්ථානයේ ගේට්ටුව අභියසදී යලි පහරදීමක් සිදුව ඇත. දේශපාලන ආධාරකරුවන් රැසක්ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහුන්ද එම ගැටුමට මැදිහත්ව, පහරදීම දැඩිව සිදුව ඇත. එහිදී තුවාල ලැබුවන් ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට  ඇතුලත්ව  තිබේ.

ලංකාදීප

RECENT ARTICLES - SINHALA

අධිනීතීඥ තනතුර ගැන චමින්ද්‍රානිගෙන් උත්තරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ලගේ අධිනීතීඥ භාවය පිළිබඳව මතුව ඇති ගැටලුවට ඇය පිළිතුරු ලබා දී තිබෙනවා. ඒ, වර්තමාන ශ්‍රී ලංකාවේ අද්වකාත් හෝ අධිනීතීඥ යන නිල නාමය...

යුද හමුදා කැබ් රථයක යතුරු පැදියක් ගැටෙයි – පුද්ගලයෙක් මරුට

වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් සෝමියල් හංදිය ප්‍රදේශයේ දී අද (18) දින ගණේමුල්ල යුද හමුදා කඳවුරට අයත් කැබ් රථයක...

‍යාපනයේ සිදුවූ බස් රථ අනතුර

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී අද (18) අලුයම ට්‍රැක්ටර් රථයක ගැටීම හේතුවෙන් තිදෙනෙකු තුවල ලබා රෝහල්ගත කළ...

POPULAR ARTICLES