28 C
Colombo
Sunday, September 15, 2024

ත්‍රිපෝෂ හදන්න බඩ ඉරිඟු සහ සෝයා බෝංචි පිටරටින්

- Advertisement -

කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රජය පවසන්නේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වන වාර්ෂික බඩ ඉරිඟු සහ සෝයා බෝංචි අවශ්‍යතාව පිළිවෙලින් මෙට්‍රික් ටොන් 12,000 ක් සහ මෙට්‍රික්ටොන් 6,000 ක් පමණ වන බවයි.

කෙසේවෙතත්, දැනට පවතින බඩ ඉරිඟු සහ සෝයා බෝංචි හිඟය  හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන  ක්‍රියාවලිය සඳහා වාර්ෂික  සැපයුම් අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට නොහැකි බැවින්, එකී අවශ්‍යතාව විදේශීයව සපුරා ගැනීමට සිදුව ඇති බව රජය පෙන්වා දෙනවා.

ඒ අනුව, බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක්, සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 3,000ක් වශයෙන් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගම් 2ක් වෙත ප්‍රධානය කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ පෞද්ගලික සමාගම් පහතින්,

බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 6,000 ක් සපයා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය –  M/s KS’T Evergreen (Pvt) Ltd

සෝයා බෝංචි මෙට්‍රික්ටොන් 3,000ක් සපයා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය –  M/s SDK United Agri Ventures (Pvt) Ltd

RECENT ARTICLES - SINHALA

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ...

සජිත්ගේ ආරක්ෂක රථයක ගැටී දෙදෙනෙක් රෝහලට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා....

මෙරටට එන අමෙරිකානුවන්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා....

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...