ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවි ගණනාවක් එකවර දැවැන්ත අන්තර්ජාල ඇණහිටීමකට ලක් වී තිබේ.
Amazon,BBC, සහ බ්‍රිතාන්‍ය රජයේ gov.uk යන වෙබ් අඩවි මෙසේ බිඳ වැටීමට ලක් විය.
ඒ අතර ප්‍රධාන පෙළේ වෙබ් අඩවි වන The Guardian,FInancial Times,Independent,New Yor Times,Evening Standered සහ Reddit යන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමට නොහැකි වී තිබේ.
ලොව ප්‍රධානම අන්තර්ජාල අන්තර්ගතයන් බෙදා හැරීමේ ජාලයන්ගෙන් එකක් ලෙස සැලකෙන CDN පද්ධතියෙන් මෙම ඇණහිටීම සිදු වී ඇතැයි වාර්තාවේ.
මෙම බිඳවැටීමේ දී ඇතැම් වෙබ් අඩවි වෙත පිවිසීම මුළුමනින්ම අවහිර වුණු අතර සෙසු ඒවා වෙත පිවිසීමට විවිධ බාධා ඇති විය.