24 C
Colombo
Tuesday, January 21, 2025

සිහින දැක දැක නොසිට ඒවා සැබෑ කරගන්න – මෛත්‍රී

- Advertisement -

සෑමදා සිහින සිහින ලෙස විඳිනවාට වඩා ඒ සිහින සැබෑ කරගෙන ප්‍රයෝගිකව අත්විඳින ලෙස හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, චීනයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පොලොන්නරුවේදී ඉදිවූ ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.

මෙම රෝහල හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී චීන ජනපති ෂී ජින්පිං මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව ඉදිකරනු ලැබූ අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 12කි. රෝහල සඳහා අවශ්‍ය සියලුම උපකරණද චීනය පරිත්‍යාග කර තිබේ.

චීන – ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද රෝහල ලෙසින් නම්කර ඇති මෙම රෝහල දකුණු ආසියාවේ ඇති විශාලතම වෘක්කවේද රෝහලද වන අතර මේ හරහා උතුරු මැද ඇතුළු දිවයිනේ බොහෝ ප්‍ර දේශවල ජනතාව පෙළෙන නිදන්ගත වකුගඩු රෝගීන්ට විශාල සේවාවක් ලබාදීමට අවස්ථාව තිබේ.

2017 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම රෝහලේ ඉදිකිරීම් ආරම්භ කළ අතර 2021 ජූනි මස 11 වන දින වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වන ලදි.

RECENT ARTICLES - SINHALA

ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙහිවල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට හානි සිදුවීමක් හේතුවෙන් මෙලෙස මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

අදත් වැසි

නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙහිවල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට හානි සිදුවීමක් හේතුවෙන් මෙලෙස මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වන  බවට නිවේදනයක්

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය...