25 C
Colombo
Tuesday, April 29, 2025

මාව ජනාධිපති කරන්න – ටිරාජ් ගල්කන්ද

- Advertisement -

‍රටේ ජනාධිපති ධූරය තමා හට මාස 06කට ලබාදෙන ලෙස ඉල්ලමින් මහරගම හිටපු නගරාධිපති ටිරාජ් ගල්කන්ද අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනාධිපති ධූරය භාරගැනීමට තමන් සූදානම් බවත් ඒ පිළිබඳව දැනුවත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් භාරදෙන බවයි.

වත්මන් ආණ්ඩුව ගෙන යන පාලනය දිනෙන් දින අසාර්ථක වන බැවින් ජනාධිපති ධූරය තමන් හට ලබා දෙන්නේ නම් මෙරට ඇති වී තිබෙන ගැටලු විසඳා ශ්‍රී ලංකාව පළමු ලෝකයේ රටක් බවට පත් කරන බවද ඔහු එහිදී කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාජ් ගල්කන්ද  :

“ අපි අද ජනාධිපති ලේකම් කාර්යාලයට ආවේ තරුණ නායකයෙක් විදිහට. මම මහරගම හිටපු නගරාධිපති, ටිරාජ්  ගල්කන්ද. තරුණ නායකයෙක් විදිහට අපිට දැක්මක් තියෙනවා මේ රට සම්බන්ධයෙන්. මේ රට අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ රට විනාශ කරපු පාලකයෝ හිටියා. ඒවගේම වර්තමාන පාලනයත් අපට පෙනී යනවා දවසින් දවස අසාර්ථක වෙනවා.තරුණ නායකයෙක් විදිහට ලංකා ජනතා පක්ෂය නියෝජනය කරමින් අපේ පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ වදිනවා. නායකයෙක් විදිහට ලිපියක් බාර දෙන්නයි ආවෙ අපිට වැඩපිළිවෙළක් තියෙනවා. මාස හයකදී මේ රට යම්කිසි මේ තිබෙන ප්‍රශ්නවලින් මුදවල ඉවරවෙලා වසර තිහකදී පළමුලෝකය රටක් බවට පත් කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාට පැමිණිල්ලක් කරලා එහෙම නැත්නම් එතුමාට මේ සම්බන්ධව ප්‍රකාශ කරලා ඉවරවෙලා රටේ  ජනාධිපති ධුරය අපට මාස 06කට  ලබා දෙනවානම් මේ තියෙන ප්‍රශ්න වලින් රටක් විදිහට  අපිට මුදවා ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා මේ නිසා තමයි ලිපියක් භාරදීලා ඉවර වෙලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි යම්කිසි ඉල්ලීමක් කරන්න ආවේ. අපිට අවස්ථාවක් දෙන්න. අපි මේ රටට යම්කිසි සේවයක් කරපු අය.

පාලම් 620ක් , කානු පාලම් බෝක්කූ 650ක්, ලංකාවේ හොඳම නගර සභාව බවට පත්කරල තමයි අද අපිට මේ ආකාරයෙන් ඉල්ලන්න නෛතිකම සදාචාරාත්මක අයිතියක් තියෙනවා.ඉතින් අපි ඉල්ලා සිටිනවා රටේ ජනාධිපති ධූරය අපට ලබා දෙන්නේ නම් මේ ප්‍රශ්නවලින්් මුදවලා මේ රට පළමු ලෝකයේ රටක් බවට පත් කරනවා. ජනාධිපති ධූරය භාරගන්න මම සූදානම්.. දෙනවද නොදෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නය. අනුරලගේ පාලනය දිනෙන් දින අසාර්ථක වන ස්වභාවයක් අපි දකිනවා. එතුමා සහ එතුමාගේ පාලනය අසාර්ථක වෙනවා කියලා කියන්නේ රටේ සමස්ත ජනතාව සහ රට කඩා වැටෙනවා. දෙනවද නොදෙනවද කියන එක එතුමාගේ කැමැත්තක් ඉල්ලීම අපේ අයිතියක්. අපිට භාර දෙන්න අපි කරලා පෙන්නන්නම්”

RECENT ARTICLES - SINHALA

ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...

සමාජ මාධ්‍ය ගිණුම් 6කට අධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ...

සජිත්ට පුලුවන් නම් සීලරතන හාමුදුරුවොන්ටත් පුලුවන් – වසන්ත සමරසිංහ

ජනතාව ලබාදුන් කතිරයේ සහ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. මාස 60 කට ජනතාව විසින් ආණ්ඩුවට...

POPULAR ARTICLES

ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ හදිසි විදුලි බිඳවැටීමක්

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අද (28) හදිසි විදුලිය විසන්ධි වීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට වේලාවලින් අද අලුයම පමණ මෙම ඇනහිටීම දිවයින පුරා සිදුවූ ඇති...

සමාජ මාධ්‍ය ගිණුම් 6කට අධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ...