25.6 C
Colombo
Thursday, November 28, 2024

රට ඇෆ්ගනිස්තානයක් නොකර සජිත් අගමැති කරන්න..! – රාජිත

- Advertisement -

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වූ විට විපක්ෂ නායකවරයා විපකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඒ, අද (10) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඒ අනුව, වත්මන් විපක්ෂ නායකවරයා සමඟ එක්ව ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙන බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

“අද ජනාධිපතිවරයාත් නෑ. අගමැතිවරයාත් නෑ. ඒකට විකල්ප අගමැතිවරයා කියන්නේ විපක්ෂ නායකවරයා. ඕනෑම රටක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව විපක්ෂ නායකවරයා තමා විකල්ප අග්‍රාමාත්‍යවරයා. ලෝකයේ ඕනෑම රාජ්‍ය ත්‍රාන්තික නායකයෙක්, ජාත්‍යන්තර සංවිධානයක් ඕනෑම රටකට ආවහම අග්‍රාමාත්‍යවරයාවත් හම්බවෙලා, විපක්ෂ නායකවරයාවත් හම්බවෙලා තමා යන්නේ. මොකද ඒ අය කවුරුත් දන්නේ නෑ හෙට දිනයේ අග්‍රාමාත්‍යවරයා වෙන්නේ විපක්ෂ නායක ද කියන එක.

ඒ නිසා, අපේ විපක්ෂ නායකතුමා එක්ක එකතුවෙලා, එයාගේ නායකත්වයෙන් මේ අර්බුදයට සියලුමදෙනා එකතු කරගෙන අපි අපි අතර බලය බෙදාගෙන අපි පුළුවන් තරම් ඉක්මනට මේ රජය බිහිකරලා, මේ මිනිස්සුන්ගේ දුක්ගැනවිල්ල සමනය කිරීම තමා අපේ බලාපොරොත්තුව. මේක අවසන් කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා. එහෙම නැත්නම් රටේ අරාජික තත්ත්වයක් ඇති වුණොත් මේක ඇෆ්ගනිස්තානයක්, සුඩානයක්, හෝ ටියුනිසියාවක් කරන්නට බෑ අපිට. වගකිව යුතු දේශපාලනඥයෙක් විදියට අපේ මුලික පරමාර්ථය අරාජිකත්වයෙන් ඉවත්කර ගැනීම. දෙවැන්න මේ රටේ ජනතාවගේ දුක්අදෝනාවන් නැතිකර දීම.”

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES