28 C
Colombo
Wednesday, March 5, 2025

ගීතාට අපහාස කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට අපහාස වන අයුරින් බැන තර්ජනය කළ අයෙක් ඊයේ (20) දින අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය පවසනවා.

ගීතා කුමාරසිංහ මහත්මිය කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සිය නිවසේ සිටියදී සැකකරු තමන්ට අපහාස වන අයුරින් බැන තර්ජනය කළ බව සඳහන් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය පොලීසියට පැමිණිලි කර තිබේ.

ස්වයං රැකියා උපකරණ ලබාදීමේ ලැයිස්තුවට තමාගේ නම ඇතුළත් නොකළ බව කියමින් සැකකරු මෙසේ මන්ත්‍රීවරියගේ නිවසට ගොස් බැන තර්ජනය කර ඇති බවයි පොලසිය පවසන්නේ.

මහජන නියෝජිතයෙකුට ප්‍රසිද්ධියේ අපහාව වන අයුරින් බන තර්ජනය කිරීමේ චෝදනා යටත් සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බවද පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය වෙසක් උත්සව සැමරුම නුවරඑළියේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10වනදා...

පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුව, බෑන්ක්ෂෝල් වීදියේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. එලෙස හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ අටක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව සඳහන්...

රේගුවේ අක්‍රමිකතා නවත්වන්න දැඩි නීති

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES

රාජ්‍ය වෙසක් උත්සව සැමරුම නුවරඑළියේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10වනදා...

EPF වල කොන්දේසි ලිහිල් කරනවා

සේවක අර්ථ සාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා...

පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුව, බෑන්ක්ෂෝල් වීදියේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. එලෙස හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ අටක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව සඳහන්...