26.1 C
Colombo
Wednesday, April 2, 2025

ව්‍යාජ අංක තහඩු සැකසූ පුද්ගලයෙක් මාට්ටු

- Advertisement -

සීදූව පොලිස් වසමේ මීගමුව පාර, සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) උදෑසන කාලයේ එම ස්ථානය වැටලීම සිදුකර තිබුණේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.

අත්අඩගුවට ගත් සැකකරු සියඹලාගහවත්ත, සීදූව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක්.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 03 ක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලාංඡනය සහිත ස්ටිකර් කොලයක්, ජනරජ ලාංඡන 67ක් සහිත ස්ටිකර් කොලයක් සහ අංක තහඩු සකස් කිරීමේදී යොදාගන්නා ස්ටිකර් කොලයක් ඇතුළු දේපල පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන...

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ සිටින පිරිස් වෙත රක්ෂණයක්

මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය...

මේක මටත් වඩා උසාවියට අපහාසයක් – එරංග

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාළව තමන්ව සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. හිටපු ජනාධිපති...

POPULAR ARTICLES