මත්පැන් කියා වැරදීමකින් බැටරි ඇසිඩ් පානය කළ ගරාජ් බාස්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කරනවා.
පොලීසිය පවසන්නේ මෙලෙස මිය ගොස් ඇත්තේ ගාල්ල – බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකු බවයි.
ලොරි රථයක බැටරිය අක්රීයවිම නිසා බැටරි ඇසිඩ් මාරුකිරිමට ලොරි රථයේ හිමිකරු තවත් දෙදෙනකු ගරාජ් බාස්වරයාගේ ගරාජයට පැමිණ ඇති අතර ඔවුන් නිතිවිරෝධි මත්පැන් බෝතලයක් හා ඇසිඩ් බොතල් 02ක් රැගෙනවිත් තිබෙනවා.
පසුව බැටරිය චාජ්කිරිමේ උපකරණයට සවිකොට තිබියදි මොවුන් තිදෙනා ගරාජ් බාස්වරයා සමග සෝඩා බෝතල්වල දමා රැගෙනවිත් තිබූ නීති විරෝධී මත්පැන් පානය කිරීමට පටන්ගෙන ඇති අතර එහිදී ගරාජ් බාස්වරයාට අත්වැරදිමකින් බැටරි ඇසිඩ් පෙවී ඇති බවයි පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ.