28.1 C
Colombo
Friday, November 29, 2024

මහනුවර ඉන්ධන පෝලිමක සිටියදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

- Advertisement -

මහනුවර – යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම්හළක පෝලිමේ සිටි පුද්ගලයකු අද සවස පෝලිමේ සිටියදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහනුවර මූලස්ථාන පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉල්ලියාස් නම් පුද්ගලයෙකු බවයි.

අද පෙරවරු 7 පමණ සිට සවස 4 පමණ දක්වා පැය ගණනාවක් මහනුවර යටිනුවර වීදියේ කච්චේරිය ආසන්නයේ පිහිටි පිරවුම්හලේ භූමිතෙල් මිලදී ගැනීම සඳහා මෙම පුද්ගලයා පෝලිමේ රැදි සිට තිබෙනවා.

පසුව හදිසියේ ඔහු අසනීප වී ඇදවැටීමෙන් අනතුරුව සුවසැරිය ගිලන්රථයක් ආධාරයෙන් මහනුවර ශික්ෂණ රෝහල වෙත රැගෙන යන අතරතු ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රී ඝාතනයට තැත් කළ කොටි කතට ආධාර දුන් දෙදෙනාට අධිකරණය දුන් නියෝගය

2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට අමාත්‍යවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන...

රජරට රැජින පීලිපනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය අද (29) උදෑසන පීලී පැනීමකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් - මහලේකම් කාර්යාලය දුම්රිය...

රාජිත නිදොස් කොට නිදහස්

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා. ඒ, 2019...

POPULAR ARTICLES