මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය තහවුරු වී ඇති බවයි.
ඒ අනුව මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය පසුගිය වසර මිලියන ගණනක් තුළ වෙනස්කම් රැසකට ලක් වී ඇති බව සඳහන්.
පසුගිය වසර මිලියන 166 තුළ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවයි අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇත්තේ.
එය වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයක් වනවා.
ඒ අනුව වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බවටයි විද්‍යාඥයින් අවධාරණය කරන්නේ.
Y වර්ණදේහ නැතිවී ගියහොත්, උපදින සියලු දෙනා ගැහැණු අය වනු ඇති.