25 C
Colombo
Thursday, January 9, 2025

පොලොස් ගෙඩි 6ක් කඩා හිරේ

- Advertisement -

නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තක කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් හොරෙන් කැඩූ බව කියන සැකකරුවෙකු මාර්තු මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම් පතිරණ මහතා අද (28) නියෝග කරනු ලැබුවා.

නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තකට ඊයේ පස්වරුවේ හොරෙන් ඇතුල් වී එහි ඇති කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් කඩා ගෙන පැනයාමට උත්සාහ ගත් අවස්ථාවේ වත්තේ හිමිකාර ව්‍යාපාරිකයාගේ උපදෙස් පරිදි එහි සිටි පිරිසක් විසින් සැකකරු අල්ලා නිට්ටඹුව පොලීසියට රැගෙන විත් භාර දුන් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් එච් ආර් ඇස් කුමාර මහතා කරුණු දක්වමින් නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තකට සැකකරු හොරෙන් ඇතුල් වී එහි කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් කඩා රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ ව්‍යාපාරිකයෙකයාගේ උපදෙස් පරිදි එහි සිටි පිරිසක් විසින් මොහු අල්ලා පොලීසියට ගෙන විත් භාර දුන් බව කියා සිටින ලදි.

පොලීසියේ කරුණු දැක්වීම් වලින් අනතුරුව සැකකරු රිමාන්ඩ්ගත කෙරිණු අතර නැවත කැදවීම මාර්තු මස 14 වනදාට කල් තැබිණ.

නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී ඩබ්ලිව් ඇල් රවීන්ද්‍ර මහතා ගේ උපදෙස් පරිදි එහි පොලිස් සැරයන් ජයසූරිය හා පොලිස් කොස්තාපල් එච් ආර් ඇස් කුමාර යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවිය.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES