වෛද්‍යවරියන් සහ කාන්තා සෞඛ්‍ය වෘත්තිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශයක් සිදු කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගෙන ඇති බව ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම පවසනවා.
එම සමාගමේ කළමනාකාර මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, චමල් රාජකරුණා නමැති සිය සමාගමේ රක්ෂණ නියෝජිතයෙකු වශයෙන් සේවය කරන පුද්ගලයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති අතිශය වෛරී සහගත ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික අදහසක් පමණක් වන අතර එය සිය සමාගමේ වටිනාකම් සහ මතය නියෝජනය නොකරන බවයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් රෝහලේ නිල නිවාසය තුළ බරපතළ ලිංගික හිංසනයකට ලක්වීමේ සිදුවීමක් මුල් කරගනිමින්, ඊයේ (12) දිනයේ දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් පැවැත්වුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ රෝහල් සහ රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය වෘත්තිකයන්ට ආරක්ෂිත පරිසරයක් විය යුතු බව අවධාරණය කිරීම මෙම වර්ජනයෙහි අරමුණ බවයි.
මෙම තත්වයත් සමඟ වෛද්‍ය වර්ජනය මෙන්ම වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
ඒ අතරින්, චමල් රාජකරුණා නමැති පුද්ගලයෙකු සිය පෞද්ගලික ෆේස් බුක් ගිණුමෙහි, වෛද්‍යවරියන් සහ කාන්තා සෞඛ්‍ය වෘත්තිකයන් සම්බන්ධයෙන් අතිශය වෛරී සහගත ප්‍රකාශයක් පළ කර තිබුණා. එම සටහන පහතින්,

මෙම පුද්ගලයා ඔහු ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගමේ සේවය කරන බව සිය ගිණුමෙහි සටහන් කිරීමත් සමඟ, සමාජ මාධ්‍ය පරිශීලකයින් ඒ සම්බන්ධයෙන් ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබුණා.
අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පවසමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම නිවේදනයක් පළ කර ඇත්තේ එවැනි පසුබිමකයි.
