කළමනාකරන සේවා නිලධාරීන්ට MN3 වැටුප් පරිමාණය ලබාදීමට සහ ඹවුන්ට උසස්වීම් විභාග ක්‍රමය යළි ස්ථාපිත කිරීමට අගමැති කාර්යාලය පොරොන්දු වී තිබෙන බව කළමනාකරන සේවා නිලධාරී එකමුතුව සඳහන් කරනවා.
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැතිවරයාගේ උපදෙස් ඇතිව පසුගියදා පැවැත්වු සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති අධ්යක්ෂවරයා විසින් එම පොරොන්දුව ලබා දුන් බවද කළමනාකරන සේවා නිලධාරී එකමුතුව පවසනවා.
එම වෘත්තිය සමිතිය එකමුතුව පවසා සිටියේ කළමනාකරණ සේවයේ නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් අගමැතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.
කළමනාකරන සේවා නිලධාරීන්ට MN3 වැටුප් ක්‍රමය ලබාදීම සුවිශේෂ කාර්ය සාධනය මත උසස් වීම් විභාග ක්‍රමයක් ස්ථාපිත කිරීම කළමනාකරන සේවා නිලධාරී සේවයේ අධිශේණියට අයත් ප්‍රාදේශීය සභා ලේකම් රෝහල් ලේකම් විද්‍යාපීඨ ලේඛකාධිකාරිවරුන් ඇතුළු පරිපාලන නිලධාරීන්ට විධායක තත්වය ලබාදීම යන ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමය පවසා සිටිනවා.