මංගල සමරවීර යනු දෙබිඩි චරිතයක් නොවන බවට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් මහතා පවසනවා.
ඒ, මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
මංගල යතාර්ථයෙන් පැන දුවන්නෙකු නොවූ බවයි රවුෆ් හකීම් මහතා පෙන්වා දෙන්නේ.
විවිධාකාර පාර්ශවයන් විසින් දේශපාලන වේදිකාවලදී ‘ලිංගික සුළුතරය’ සම්බන්ධයෙන් සමලිංගික භීතිකාවකින් යුක්තව ප්රහාරාත්මක ප්රකාශයන් නිකුත් කරද්දී මංගල විසින් අභිමානයෙන් යුතුව තමා මිනීමරුවෙකු, හොරෙකු හෝ වංචාකරුවෙකු නොවී ලිංගික සුළුතරය නියෝජනය කිරීම සම්බන්ධව සතුටු වන බව පැවසූ බවත් මන්ත්රී රවුෆ් හකීම් මහතා මෙහිදී සිහිපත් කර සිටියා.