විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා.
එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු සඳහන් කළේ අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව තමන්ට කිසිඳු බියක් නොමැති බවයි.
මේ වන විට සිය සහෝදරයා සමග තමන්ට සම්බන්ධයක් නොමැති බවත් සිය සහෝදරයා තම නම විකුණා වංචනික ක්‍රියාවල යෙදී ඇති බවට තමන්ද පොලීසියට පැමිණිලි කර ඇති බවත් මාධ්‍යට අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා පවසා සිටියා.
එමෙන්ම ඔහුට එල්ල වී ඇති E8 වීසා චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යකරුවෙකු විමසූ ප්‍රශ්නයකදී ඔහු පැවසුවේ, නීතී විරෝධී නොවන අයුරින් E8 ගිවිසුම අත්සන් කර ඇති බවත් ඇමැති බලතල භාවිත කරමින් තමා අවදානම් ගෙන විවිධ ගිවිසුම් අත්සන් කළ බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මහතා :
“ මම වැරදි කරලා තියෙනවනම් තමයි බය වෙන්න ඕනේ, හැංගෙන්න ඕනේ.අපි මේ හැමදෙයක් ගැනම කලින් ඉදලා දැනුවත් කරලා තියෙනවා. අපේ මාධ්‍ය , සමාජ මාධ්‍ය හැමතැනකම කියලා තියෙනවා හැමදෙයක්ම..ඉතින් අපිට හැංගෙන්න දෙයක් නැහැ. මල්ලි පිළිබඳව මුලින්ම නම් කරල සහෝදරයා, අම්මා හරි තාත්තා හරි කියලා පලවෙනියටම මාධ්‍යට කිව්වේ අපි. මිනිස්සුන්ට අහු වෙන්න එපා ඒවා නීතී විරෝධි වැඩ කියලා කිව්වෙත් පලවෙනි පැමිණිල්ල දැම්මෙත් මම. ඒක නිසා එක පවුලේ විවිධ අය ඉන්නවා. ඇඟිලි පහ තියෙන්නේ,ඒ වගේ. තව අයගේ තියෙන්නේ අයියලා මල්ලිලා අරහේ අයියලා එහේ. ඒ වගේ කතා වෙන්නේ. එහෙම අයියලා මල්ලිලගේ ඒවා තියෙනවා. එක බඩ වැල කඩාගෙන ආවා කියලා පුද්ගලයෝ වෙනස් වෙන්න පුලුවන්නේ. පුද්ගලයෝ කරන වැරදිවලට අනිත් අය වගකියන්න ඕනේ නැහැනේ.
මල්ලි මගෙත් එක්ක සම්බන්ධයක් නැහැ, මගෙත් එක්ක සම්බන්ධයක් අයින් කරේ මේ පිළිබඳව යම් යම් ආරංචි එනකොටම සම්බන්ධතා අයින් කරලා , පැමිණිලි කරලා කරන්න ඕනේ සියලුම නීතිමය කටයුතු මම කරලා තියෙන්නේ. සහෝදරකමක් නැහැ. වැරදි කරනවනම් සහෝදරයාද කවුද කියලා අදාල නෑ ,ඒකට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගත්තා, ජනතාව දැනුවත් කරා නිරන්තරයෙන්ම.. මාධ්‍යට කතා කරන හැමවෙලාවෙම කිව්වා කාට උනත් මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා කියලා. මම කියන්නේ සහෝදරයා විතරක් නනෙවෙයි තවත් කවුරුහරි නම් විකුණලා රට යන්න සල්ලි අරන් තියෙනවනම් කරුණාකරලා පැමිණිලි කරන්න. නම් විකුණලා සල්ලි එකතු කරපු අය ඒ කාලෙත් ගොඩාක් හිටියා. ඒ ගැන අපි දැනුවත් කලා”
E8 ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ නීතී විරෝධීව නෙවෙයි . ඇමතිවරයාට බලය තියෙනවා එකඟතා ගිවිසුම් හදාගන්න. ඉතින් මම ජනතාවට අලුත් අවස්ථා අරන් දෙන්න අවධානම් අරගෙන වැඩ කරලා තියෙනවා”