27 C
Colombo
Thursday, April 24, 2025

රනිල්ට චෝදනා කරපු ගොඩාක් අය ජීවතුන් අතර නැහැ – ගැමුණු

- Advertisement -

රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ බොහෝ අය අද ජීවතුන් අතර නොමැති බව මඳක් ආපසු හැරී බලන්නැයි ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා පෞද්ලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතය ඝාතනය කිරීමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් අය ක්‍රියා කළ බවත් 80 දශකය පිළිබඳ සැබෑ තත්වය පාර්ලිමේන්තුවේදී කතා නොකළ බවයි.

බටලන්ද පිළිබඳ කතා කිරීමේ අරමුණ වන්නේ 2009 දී යුධ අපරාධ සිදු වූ බව ප්‍රකාශ කිරීම බව ගැමුණු විජේරත්න මහතා එහිදී සදහන් කළා.

එමෙන්ම බටලන්ද සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීමට පැමිණෙන ලෙස ආරාධනාවක් ලැබුනොත් ඉදිරිපත් වනවාද යන්න මාධ්‍යවේදියෙක් ඔහුගෙන් විමසා සිටියා.

එහිදී ගැමුණු විජේරත්න කියා සිටියේ, ඒ පිළිබඳව තමන් පොතක් ලියා ඇති බවත්, ආරාධනාවක් ලැබුණහොත් සත්‍යකින්ම සාක්ෂි ලබා දීමට පැමිණෙන බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මහතා :

“  විශේෂයෙන්ම කියන්න ඕනේ 2022 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට අමාරුවෙන් බේරගත්තේ. අනිවාර්යයෙන් මේ රට වෙන කුමන්ත්‍රණයකින් අල්ලන්න හැදුවා. බාහිර ආණ්ඩුවක් හදලා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ දමිළ ඩයස්පෝරාව විසින්. පැහැදිලිව කියනවා. රට අනාරක්ෂිත කරගන්න වෙනවා මේ තත්වය තුළ. අපි රට වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. පැහැදිලිව කියන්නේ හැබැයි.

මම අනාවැකියක් කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔවැනි චෝදනා ඒ වගේම අවලාද බොරු ප්‍රකාශ කරලා ගොඩක් කට්ටිය ජීවතුන් අතර නෑ. පොඩ්ඩක් පිටිපස්සට හැරිලා බලන්න. ගොඩක් කට්ටිය ජීවතුන් අතර නෑ. මොකද ඒ මනුස්සයා ජීවත් වුණේ. කොවිඩ් හැදිලා ගොඩක් කට්ටිය මැරුණා. අපරාධ කරපු කට්ටිය කොවිඩ් හැදිලා මැරුණා. මතක තියාගන්න. ඒ පුද්ගලයා කාටවත් දෝෂාරෝපණය කරන පුද්ගලයෙක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ වළං බිඳින්න සූදානම් වෙන්න එපා. හැබැයි ඒකේ ප්‍රතිඵලය බොහෝ ඉක්මනට ලැබේවි. හැබැයි පොඩ්ඩක් පසුවිපරමක් කරලා බලන්න. ඔහුට අවලාද කරපු කීදෙනෙක් මියගිහිල්ලා තියෙනවාද කියලා.

එතුමාට අවලාද නැගීම ගැන මට බරපතල වේදනාවක් තියෙනවා.එතුමා මේ රට බේරාගත්තා. නිර්ණ අයිතිය දෙන්න ඉල්ලුවම එතුමා දුන්නේ නැහැ .මම ඒක සෘජුවම දන්නවා. රනිල් බලය වෙනුවෙන් රට පාවාදුන් නැති මිනිහෙක් මම එතුමට ඒකයි ආදරේ”

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES