ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විට විදුලිය විසන්ධි වී තිබෙනවා.
විදුලිබල පනතට ගෙන එන සංශෝධනවලට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණා.
වැඩ වර්ජනය හේතුවෙන් අද (09) උදෑසන 8.00 වන විට දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදුවනු ඇති බව අදාළ වෘත්තීය සමිති සඳහන් කළා.
කෙසේවෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (08) රාත්‍රී පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා සඳහන් කරනවා.
නමුත් මහජන උපයෝගීතා කොමිසම සදහන් කරන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවෙන බවයි.
මේ වන විට සියලුම ගල් අඟුරු බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජනනය වන අතර ඒ්වා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරනවා.