කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට බැණ මරණ තර්ජන කිරීම හේතුවෙන් ඊයේ (28) රාත්‍රියේ දී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
කිත්සිරි රාජපක්ෂ දෙමටගොඩ කෙන්ට් පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් එම ඉඩමේ හිමිකරුට සහ දියණියට බැන මරණ තර්ජන සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අද (29) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කිත්සිරි රාජපක්ෂ, මරදානේ චොප්පෙ හෙවත් ධර්මදාස රාජපක්ෂගේ දෙවනි පුත්‍රයා වන අතර පසුගිය වසරේදී ඔහුට එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ ආසන සංවිධායක ධූරයද ලබා දී තිබුණා.
ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධුරය සඳහා එජාපයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව සිටින බවද වාර්තා වෙනවා.