27.8 C
Colombo
Tuesday, April 15, 2025

මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලයි

- Advertisement -

මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, එක්සත් ජනපද සෙනෙට් සභාවේ පැවති නඩු විභාගයකදී තම දරුවන්ට සමාජ මාධ්‍ය මගින් හානි වූ බව චෝදනා කළ පවුල්වලින් සමාව ඉල්ලා සිටියා.

විදෙස් වාර්තා පවසන්නේ, ඔහු සහ TikTok, Snap, X සහ Discord හි ප්‍රධානීන්ව දෙපාර්ශවයේම සෙනෙට් සභිකයින් විසින් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බවයි.

මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි ආවස්ථාවේදියි.

එහි අරමුණ වන්නේ සමාජ මාධ්‍ය සමාගම් ලාභ ලැබීමේ අරමුණු මත නිසි ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා නොදී විශේෂයෙන්ම ළමුන් ට හානිවන ආකාරයට කටයුතු කරන බවට දෙමව්පියන් සහ මානසික සෞඛ්‍ය විශේෂඥයින් මතුකර ඇති කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමයි.

මෙම අවස්ථාව ට එක්වූ දෙමව්පියන් පිරිසක් තම දරුවන්ගේ ඡායාරූප පෙන්වමින් එම දරුවන් සමාජ මාධ්‍ය හේතුවෙන් හානි කරගත් බව පැවසුවා.

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනාකරුවන්ට දන්සල් දෙන්න සියලු ආගමිකයන් පෙළගැසෙයි

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව...

කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

රනිල් පිල්ලෙයාන්ට ගත්ත කෝල් එක ගැන විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක්ට දුරකතන ඇමතුමක් දෙමින් අත්අඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්...

POPULAR ARTICLES