26.4 C
Colombo
Saturday, April 5, 2025

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

- Advertisement -

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව, මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හෙට්ටිවීදිය ප්‍රදේශයේ කැරට් 24 රත්‍රන් මිල ගණන් රුපියල් 200,000 ඉක්මවා ගොස් ඇති අතර, කැරට් 22 රත්‍රන් මිලද රුපියල් 200,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔක්තෝම්බර් 31 විට හෙට්ටිවීදියේ කැරට් 24 රත්‍රන් මිල රුපියල් 220,000ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය වාර්තා තර තිබු අතර කැරට් 22 සඳහා මිල රුපියල් 200,000ක් ලෙස ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එමෙන්ම ඇතැම් රටවල් ඔවුන්ගේ ආයෝජනයන් ලෙස රත්‍රන් පමණක් මිලදී ගන්නා අතර, යුද්ධය මධ්‍යයේ ද බොහෝ රටවල් එසේ රත්‍රන් මිලදී ගැනීම නිසා මෙසේ එකවර රත්‍රන් මිල ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, පසුගිය සතියවන විට රන් අවුන්සයක මිල ඩොලර් 2,790ක් ලෙස වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

සුරාබදු දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

2025 වර්ෂයේ මාර්තු 31 වන විට සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ඇති සුරාබදු අදායම බිලියන 61.3 ක් බව නිවේදනයක්නිකුත් කරමින් සඳහන් කරනවා. එය 2024 වර්ෂයේ පළමු කාර්තුවට...

යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවකින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරයේ සිදු කළ වැටලීමකදී  මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

කොට්ඨාස කිහිපයක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් 

පළාත් පාලන ආයතන 250ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. ඔහු පැවසුවේ හෙට (06) දිනය වනවිට තැපැල්...

POPULAR ARTICLES