25.2 C
Colombo
Tuesday, November 26, 2024

මාතර ගංවතුර තත්ත්වය ගැන දැනුම්දීමක්

- Advertisement -

පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

නිල්වලා ගඟ සහ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආර පිටාර ගැලීමෙන් අද (26) උදෑසන වනවිට මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යටව පැවතුණා.

ඊයේ (25) දිනයට සාපේක්ෂව අද උදෑසන වන විට ජලයෙන් යටව තිබූ බොහෝ මාර්ගවල ජලය බැස ගොස් ගමනාගමනය යථාතත්ත්වයට පත් වී ඇති බවයි මාතර දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකය සඳහන් කළේ.

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස කද්දුව හරහා මාලිම්බඩ මාර්ගය මාලිම්බඩ උතුර මහා විද්‍යාලයේ අසලින් හා කද්දුව විටියල මාර්ගය මැද්දගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් යටව පවතින අතර කිරම ආර පිටාර ගැනීමෙන් කඹුරුපිටිය කද්දුව මාර්ගය ගෝදව ප්‍රදේශය තවදුරටත් ජලයෙන් යටව පැවතිමෙන් ගමනා ගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක පවුල් 61 පුද්ගලයින් 240 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ගනේශ අමරසිංහ මහතා ප්‍රකාශ කළා.

නිල්වලා ගංගාවේ සහ එහි අතු ගංගාවල ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බව මාතර ආපදා කළමනාකරන ඒකකය විසින් පැවසු අතර, උසස් පෙළ විභාගය සඳහා ගමන් කරන දරුවන් සඳහා සකසා ඇති විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළ අද දිනයේ ක්‍රියාත්මක කළ බව එම ඒකකය වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රෙද්ශයේ මේ වන විට නිර්මාණය වී ඇති පීඩන අවපාතය හේතුවෙන් අද දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවන තද වැසි ඇදහැලෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

දැදුරු ඔය නිම්නයේ පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය කිහිපයක කාලය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයත් දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට...

ඩලස්ගෙන් අනුරට ලියුමක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා නැවත කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අනුර කුමාර...

වැඩිවෙන වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය මත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම...

POPULAR ARTICLES