24 C
Colombo
Tuesday, January 28, 2025

නාමල් රාජපක්ෂ අහිංසාව රැවටූ හැටි මව්බිම හෙළිකරයි

- Advertisement -

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉරිදා මවුබිම පුවත්පත පල කර තිබෙනවා. අදාල වාර්තාව පහතින්.

“ශ්‍රී ලංකාව දොම්නසින් සිටි වකවානුව රටම අමන්දානන්දයට පත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබිණ. උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. උත්සවය සඳහා පැමිණෙන්නට නෙත්මිට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැත.

ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් වාහනයක් සපයා දෙන්නට පොරොන්දු විය. නෙත්මි අහිංසා ඇගේ පුහුණුකරු සමඟ කොළඹ එමින් සිටියාය. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මඟහරවා නෙත්මිව නාමල් රාජපක්ෂ හමුවට ගෙනයෑම සඳහා සිදුවෙමින් තිබූ කුමන්ත්‍රණය ගැන ඇය දැනුවත්ව සිටියේ නැත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා විසින් රියදුරුට දී තිබූ රහසිගත උපදෙස් අනුව ඔහු ක්‍රීඩා ඇමැතිගේ නිවෙසට යන ලෙස දන්වා ඇති බව පවසමින් නෙත්මි දැරිය නාමල් රාජපක්ෂ සිටි නිවෙසට ගෙන ගියේය. ක්‍රීඩා ඇමැති වෙනුවට නාමල් සිටිනු දුටු නෙත්මිත්, පුහුණුකරුත් විමතියට පත්විය. එහෙත් ඔවුන්ට කළ හැක්කක් නොවීය. නාමල්ගේ ආරක්ෂකයෝ දුරකථන ක්‍රියා විරහිත කරන්නට උපදෙස් දුන් බැවින් ඔවුන් වඩාත් අසරණ විය.

දුරකථන නිහඬ බැවින් පදනම් ආයතනයේ උත්සව සංවිධායකයෝ කලබල වූහ. නාමල්ගේ මිතුරෝ ඒ වන විටත් නෙත්මි, නාමල් හමුවූ පුවත සමාජ මාධ්‍යයට ලබා දෙමින් ප්‍රචාරක වාසිය අත්කර ගෙන තිබිණි. පදනම් ආයතනයට පැමිණි නෙත්මි ඔවුන්ට සිදු වූ අකරතැබ්බය ක්‍රීඩා බලධාරීන්ට පැවැසූ විට සියල්ලෝම කනගාටුවටත් කලකිරීමටත් පත්වූහ.”

මීට අමතරව, මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ද සිය කනගාටුව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙලෙස දැරියගේ හෝ ඇයගේ දෙමව්පියන්ගේ අනු දැනුමකින් තොරව බාලවයස්කාර දැරියක් යමෙකුගේ නිවෙසකට රැගෙන යා හැකි දැයි මෙම පුවත සම්බන්ධයෙන් කම්පා වන පාර්ශවයන් ප්‍රශ්න කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ඊ ටිකට් මාෆියාවට තවත් අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි  මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන්  සංචාරක ව්‍යාපාරයේ...

ළමා අපයෝජන ගැන පැමිණිලි 321ක්

ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. 2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා...

කූඨ හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුමක්

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය...

POPULAR ARTICLES