පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.
ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි අඩුම මුදල වන රුපියල් 74 මන්නාරම පළාත් පාලන ආයතනය සඳහා වන අතර වැඩිම මුදල වන රුපියල් 160 ප්‍රකාශයට පත් කර ඇත්තේ ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා බවයි.