සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් හෙට (04) සිට ලබන 9 වැනිදා දක්වා ආරම්භ කෙරෙනවා
ඒ අනුව සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිසට අදාළ එන්නත් මාත්‍රා ලබා ගත හැකි වනවා.
වාර්තාවන රෝගීන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 20 සිට 30 දක්වා වයසේ පසුවන තරුණ පිරිස වන බව සෞඛ්‍ය අංශ පවසනවා.
සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඔවුන්ගෙන් රෝගය සම්ප්‍රේෂණයවන බවට හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් කුඩා දරුවන් සහ විශේෂයෙන් මාස 09ට අඩු ළදරුවන් රෝගයට ගොදුරු වන බවයි