31 C
Colombo
Sunday, April 27, 2025

පිල්ලෙයාන් මුණගැසීම ගැන මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

- Advertisement -

මේ වන විට දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ  ප්‍රශ්න කෙරෙමින් සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග තමා හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට හෙට (16) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසා තිබෙනවා.

“වට්නිව්ස්” වෙබ් අඩවිය මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී උදය ගම්මන්පිළ මහතා පෙන්වාදී ඇත්තේ, පිල්ලෙයාන් පිළිබඳව මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල වැරදි කරුණු ප්‍රචාරය කෙරෙන බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පිල්ලෙයාන් සමග අප්‍රේල් 13 වැනිදා මුණගැසීම පිළිබඳ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ,

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 10 ආ 1 යටතේ ඕනෑම රැඳෙවියෙකුගේ නීතිඥයාට හමුවීමේ අවස්ථාව තියෙනවා. ඔහුව බලන්න නීතිඥයා අප්‍රේල් 09 වැනිදා ගියා. එහෙත් ඒ නීතිඥයාට අවස්ථාව දුන්නේ නැහැ. ඒ නීතිඥයා මා එක්ක කිව්වා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කතා කරලා අවසර නොදුන්නේ ඇයිද කියා ඇහුවා. ඔහු එවැනි සිදුවීමක් දන්නෑ කිව්වා. පිල්ලෙයාන්ගේ නීතිඥයා වැකේෂන් ගිහිල්ලා නිසා මම බලන්න ආවොත් ඉඩ දෙනවාද කියා විමසුවා. ඊට පස්සේ මම ලියුමක් ලීවා මම නීතිඥයා කියන කරුණ සඳහන් කරමින්. එම ලියුම යොමු කරලා පැය කිහිපයක් ඇතුළත මට දැනුම් දීලා කිව්වා පහුවදා උදේ 10ට හමුවෙන්න කියලා. ඒ අනුව මම ගිහින් ඔහුව මුණගැහුණා. වැඩිදුර විස්තර මම මාධ්‍ය හමුවේදී කියන්නම්” යනුවෙනි.

මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතාද දැනට රදවාගෙන ප්‍රශ්න කෙරෙන පිල්ලෙයාන් සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් එම ඉල්ලීමට අවස්ථාවක් නොදුන් බවත්, එලෙස රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බවත් පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

නැගෙනහිර විශ්වවිද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පසුගිය 8 වනදායි.

මේ වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන්නේ දින 90 ක රැදවුම් නියෝග යටතේයි.

RECENT ARTICLES - SINHALA

මහනුවර පාසල් ආරම්භය ගැන නිවේදනයක්

මහනුවර ශ්‍රී දළදා වන්දානව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක් හෙට (28) යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරනවා. තවද මහජනතාවට පහසුකම්...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සපිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (27) පස්වරු 12.30ට නිකුත්කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන...

මහනුවර පිරිසිදු කරපු නගර සභා සේවකයන්ට විශේෂ අවස්ථාවක්

මහනුවර නගරය පිරිසිදු කිරීමේ කටයුතුවල අඛණ්ඩව නිරත වූ මහනුවර නගර සභාවේ සේවකයන්ට අද (27) දින දළදා වහන්සේ වැඳපුදා ගැනීමට විශේෂ අවස්ථාවක් ලබාදීමට පියවර ගෙන...

POPULAR ARTICLES