24.9 C
Colombo
Monday, November 25, 2024

නුදුටු කාශ්මීරය ඇස් මානයට ගෙන එන ෂබ්නම්

- Advertisement -

කාශ්මීරයේ වික්‍රමාන්විත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ ගවේෂණය නොකළ ගමනාන්ත කාශ්මීර සංචාරක සිතියමට ඇතුලත් කිරීමට වෙර දරන තරුණියක් පිළිබඳ විදෙස් මාධ්‍යයේ වැඩි අවධානයක් යොමුවී ඇත.

උතුරු කාශ්මීරයේ බණ්ඩිපෝරා හි දුෂ්කර ගම්මානයක උපත ලැබූ හැවිරිදි ඇය නමින් ෂබ්නම් බෂීර් ය.

ඇයව මේ වන විට හඳුන්වනු ලබන්නේ ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ගවේෂකයකු සහ ලේඛිකාවක වන ඉසබෙල් බර්ඩ් (Valley’s Isabella Bird) ගේ නාමයෙනි.

සියලු බාධාවන් ප්‍රතික්ෂේප කරමින් උතුරු කාශ්මීරයේ හර්මුක් කඳුවැටිවල කිසිදා මිනිස් ඇස නොගැටුණු බිම් ප්‍රදේශවල තනිව සංචාරය කරමින් විවිධ පර්යේෂණවල නිරත වන ඇය සංචාරක අධ්‍යයනය පිළිබඳ උපාධි අපේක්ෂිකාවක වේ.

Gulmarg, Pahalgam, Sonamarg සහ Dal Lake ඇතුළු තෝරාගත් සහ ජනප්‍රිය ස්ථාන සංචාරක ව්‍යාපාරයට සීමා නොකළ යුතු බවත්, සැබෑ කාශ්මීරය ගවේෂණය නොකළ කඳුකරයේ ඇතැයි විශ්වාස කරන බවත් ඇය පවසන්නීය.

කාශ්මීරයේ සංචාරක විභවය ඉස්මතු කිරීම සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහා ප්‍රිය පුද්ගලයින් එවැනි ස්ථාන වෙත ආකර්ෂණය වන පරිදි ගවේෂණය නොකළ සංචාරක ගමනාන්ත පිළිබඳව කාශ්මීරයේ ජනතාවට මාර්ගෝපදේශයක් ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ඇය 2021 දී “ගවේෂණය නොකළ කාශ්මීරය” නමින් සිය පළමු ග්‍රන්ථය එළි දැක්වූවාය.

RECENT ARTICLES - SINHALA

E 8 වීසා ගිවිසුම් අද නීතිපතිට

විවිධ පාර්ශවවලින් ලැබුණු E 8 වීසා ගිවිසුම් අද(25) නීතිපතිවරයාට භාරදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ, අදාළ ගිවිසුම්වල වලංගු භාවය පරීක්ෂා කිරීම වෙනුවෙන්. එහි...

උසස් පෙළ විභාගය අද සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද(25) සිට ආරම්භ වනවා. මෙවර විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ 33,185 ක්. ඒ අතරට පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ...

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක්...

POPULAR ARTICLES