28.4 C
Colombo
Sunday, December 22, 2024

ජනාධිපති සමාව හිමිවූ දුමින්ද සිල්වා හා අගමැති මහින්ද අතර හමුවක් (ඡායාරූප)

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවී මරණ දඬුවම හිමිව සිට ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිල වශයෙන් තම පක්ෂයේ නායකයා හමුවූ පළමු අවස්ථාවද මෙය වනවා.

මරණ දඩුවම හිමිවී සිරගතවීමට පෙර එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළොන්නාව ආසනයෙන් තරඟ කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා.

කෙසේ වෙතත් වෙඩිතැබීමේ සිදුවීමට අදාළ නඩු විභාගය පැවැත්වූ කාලය තුළදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුට නාමයෝජනා ලබා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

නිධන් ගන්න ගිය කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අ‍ැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ...

ජාතික පාසල් වල විදුහල්පති පුරප්පාඩු පිරවීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි...

හැටන් බස් රථ අනතුරේ CCTV දර්ශන මකා දමලා

හැටන් - මල්ලියප්පු ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට අදාළව එම බස් රථයේ ආරක්ෂක කැමරා දර්ශන මකා දමා ඇති බවට සැක මතුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...

POPULAR ARTICLES

නිධන් ගන්න ගිය කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු

එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අ‍ැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ...

ආසියානු යොවුන් කාන්තා ශූරතාව ඉන්දියාවට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමුවරට සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (22) සමත් වුණා. ඒ...